මෙහෙවර
 

ශ්‍රී ලංකාවේ නිශ්චල හා චංචල දේපළ වලට අදාල නීත්‍යානුකූල ලේඛන හා හිමිකම් ලියාපදිංචි කිරීම සහ ජන ජීවිතයේ මූලික ගෘහස්ථ සිදුවීම් වන විවාහ, උපත් සහ මරණ ලියාපදිංචි කිරීමෙන්ද, එම ලේඛන සංරක්ෂණය කිරීම සහ එම ලේඛන වලින් සහතික පිටපත් නිකුත් කිරීමෙන්ද, අයිතීන් රැක ගැනීම පිණිස ජනතාවට සහාය වීම.


අපගේ දැක්ම
  ලියාපදිංචිය තුළින් අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට ජනතාවට සහාය වීම.
 
 
දෙපාර්තමේන්තුවේ අරමුණු
 

විවාහ, උප්පත්ති සහ මරණ යන මූලික ගෘහස්ථ සිද්ධීන් ලියාපදිංචි  කිරීම.

  චංචල හා නිෂ්චල දේපලවල ලියකියවිලි ලියාපදිංචි කිරීම.
  එවැනි ලියාපදිංචි කිරීම් වලට අදාළ  ලේඛණ  සංරක්ෂණය කිරීම .
  එවැනි ලේඛණ වලින් සහතික කරන ලද පිටපත් නිකුත් කිරීම.

 
දෙපාර්තමේන්තු ව්‍යුහය


ලියාපදිංචි කිරීම.

 1.1 ලේඛණ ලියාපදිංචි කිරීම.
  නිෂ්චල (ඉඩම්) දේපල වලට අදාල ලේඛන ලියාපදිංචි කිරීම.
  චංචල දේපල වලට අදාල ලේඛන ලියාපදිංචි කිරීම.
  ඇටෝර්නි බලපත්‍ර ලියාපදිංචි කිරීම.
  හිමිකම් ලියාපදිංචි කිරීම.
 
 1.2 සිවිල් ලියාපදිංචි කිරීම.
  ශ්‍රී ලංකාව තුල සිදුවන සියඵම විවාහ, උපත්, හා මරණද විදේශයන්හිදි සිදුවන ශ්‍රී ලංකිකයන්ගේ විවාහ, උපත් සහ මරණ ද ලියාපදිංචි කිරීම.
  ළමයින් දරුකමට හදා ගැනීමේ අධිකරන නියෝග ලියාපදිංචි කිරීම සහ එම ළමයින්ගේ උපත් නැවත ලියාපදිංචි කිරීම.
  උඩරට විවාහ, හා දික්සාද ඉල්ලීම් මත තීරණ ගැනීම.
  උඩරට විවාහ දික්සාද ලියාපදින්චි කිරීම.
  මුස්ලිම් විවාහ දික්කසාද ඉල්ලීම් මත තීරණ ගැනීම.
  මුස්ලිමි විවාහ දික්කසාද ලියාපදිංචි කිරීම.

   භාරකාරත්වය හා සංරක්ෂණය.
  ඉහත ‌සඳහන් ලේඛන, පිටපත් හා සංරකෂණය කල යුතු නිසා අනෙකුත් ලියවිලි හා ලේඛන වල භාරකාරත්වය, සංරකෂණය .
 
 
   සහතික පිටපත් නිකුත් කිරීම.
  ශ්‍රී ලංකාව තුළ සිදු වූ විවාහ, උපත් හා මරණ සහතික වල සහතික පිටපත් එම සිදුවීම සිදු වූ ස්ථානය අයත් වන ප්‍රාදේශීය ලේකමි කාර්යාලය මගින් ලබාගත හැක.
  ශ්‍රී ලංකා‍වෙන් පිටත රටකදී සිදු වූ ශ්‍රී ලාංකික විවාහ, උපත් හා මරණ සහතික වල සහතික පිටපත් කොළඹ 10, මාළිගාවත්ත, මධම ලේඛනාගාරයෙන් ලබාගත හැක.
 
   සහතික පිටපත්වල පරිවර්තන නිකුත් කිරීම.
  සියඵ සිවිල් ලියාපදිංචි කිරීම්වලට අදාලව නිකුත් කරන සහතික පිටපත් වල සිංහල, දෙමල හා ඉංග්‍රීසි භාෂාවලට කරනු ලැබූ පරිවර්තන පිටපත් නිකුත් කිරීම.

   සංශෝධනය කිරීම.
පුද්ගල ඉල්ලීම් මත හා අධිකරණ නියෝග මත ලේඛන සශෝධනය කිරීම.

   ජීව සංඛ්‍යාති වාර්තා ප්‍රකාශයට පත් කිරීම

   නිවාඩු ආඥා පනත ක්‍රයාත්මක කිරීම.
 
  අනුෂාංගික ක්‍රියාකාරකම්.
විවාහ, උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන් සහ නොතාරිස්වරුන් පත් කිරීම හා පාලනය.
ක්වායිවරුන්ගේ රාජකාරී අධීක්ෂණය කිරීම.
ව්‍යවස්ථාපිත පරීකෂණ පැවැත්වීම.
ඔප්පු මත හා වෙනත් ලියවිලි මත නියමිත මුද්දර ගාස්තු අයවන බව.ට සහතික වීම.



Contact About Us Activites Services Statistics Division Disclaimer Forms Contact RGD FAQs
© Copyright 2005.Registrar General's Department, All right reserved - Developed in Association with
ICTA
Powered by Pooranee Inspirations.