| හිමිකම් ලියාපදිංචි කිරීමේ වැඩසටහන (බිම්සවිය). |
August 2, 2010 |
|
| |
1998 අංක 21 දරණ හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත අනුව ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් බිම් සවිය වැඩසටහන යටතේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් හිමිකම් ලියාපදිංචි කිරීම සහ හිමිකම් සහතික නිකුත් කිරීම කරගෙන යනු ලැබේ. මෙම හිමිකම් ලියාපදිංචි කිරීම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 19ක් ආවරණය වන පරිදි ගම්පහ, රත්නපුර, ගම්පොළ, අනුරාධපුර, මීගමුව, හෝමාගම, දෙල්කඳ, කුරුණෑගල, මහනුවර සහ හම්බන්තොට ආදී ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල 10ක මේ වන විට ආරම්භ කර ඇති අතර මෙම වර්ෂය තුළ මොණරාගල, පොළොන්නරුව සහ බදුල්ල යන ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල වලද හිමිකම් ලියාපදිංචි කිරීම ආරම්භ කිරීමට නියමිතව ඇත. බිම්සවිය වැඩසටහන යටතේ දැනට වැඩසටහන ක්‍රියාත්මක ප්‍රදේශ වල සියළු ඉඩම් මැනීම මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන අතර, එකී ඉඩම් කොටස් සම්බන්ධයෙන් හිමිකම ප්‍රකාශ කර අයිතිය ප්‍රකාශයට පත්කිරීම හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයා විසින් සිදු කරනු ලැබේ. ඒ අනුව ඉඩම් කැබැල්ලේ අයිතිකරුවන් සම්බන්ධයෙන් පනතේ 14වන වගන්තිය ප්‍රකාර ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව හිමිකම ලියාපදිංචි කිරීම සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට අදාළ විස්තර ඇතුලත් උප ලේඛණයක් එවීමෙන් අනතුරුව ඉඩම් කෙටසේ අයිතිකරු වෙනුවෙන් නිකුත් කරනු ලැබේ. මෙම ක්‍රමය නිසා ලේඛන ලියාපදිංචි කිරීමේ පනත අනුව ලේඛනයක් ලියාපදිංචි කිරීම වෙනුවට මෙම පනත යටතේ අයිතිය ලියාපදිංචි කිරීම නිසා දේපළ වල සුරක්ෂිත භාවය ඉතාමත් ඉහළය. මෙම හිමිකම සම්බන්ධයෙන් වගකීම රජය විසින් දැරීම නිසා මෙතෙක් තමන්ගේ දේපළ සම්බන්ධයෙන් පැවති අනාරක්ෂිත භාවය පහව යනු ඇත.
මෙම වැඩසටහන යටතේ තම තමන්ගේ දේපළ සම්බන්ධයෙන් කිසියම් වංචා සහගත ලේඛණයක් ලියාපදිංචි කිරීමට හැකියාවක් නැත. ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් රජය වගකීම දරණ බැවින් දේපළ උකස් කර ණය මුදලක් ලබාගැනීමේදී ඉතාමත් පහසුවක් වී ඇත. ඉඩම මැන නිරවුල් මායිම් සඳහන් කර ඇති බැවින් ඕනෑම අවස්ථාවක එකී මායිම නැවත පිහිටුවීමට හැකි වී ඇත. සෑම ඉඩම් කැබැල්ලක් සම්බන්ධයෙන්ම අයිතිකරු වෙත පිඹුරේ දළ සැළැස්මක් හිමිකම් සහතිකයට ඇතුළත් කර තිබීමද විශේෂ ලක්ෂණයකි. මෙම හිමිකම් ලියාපදිංචි කිරීම නවීන තාක්ෂණය යොදාගෙන පරිඝණක වැඩසටහන් මඟින් කරගෙන යන බැවින් විනාඩි 10ක පමණ කාලයකින් පසු පැවරුම් කටයුතු සිදුකිරීමටද හැකියාව ලැබී ඇති බැවින් මහජනතාවට තමන්ගේ කටයුතු වඩාත් පහසු වී ඇත. ඉහත කී පරිදි පහසුකම් රාශියක් මහජනතාවට ලැබෙන බැවින් තමන්ගේ ඉඩම රටේ සංවර්ධනයට මහත් රුකුළක් වී ඇත.
|
| |
| |
|
|
|
|
|