| ඉ-ජනගහන ලේඛන ව්‍යාපෘතිය |
August 2, 2010 |
|
| |
ඉ-ජනගහන ලේඛන ව්‍යාපෘතිය මගින් උපතේදීම පුරවැසියන්ට පුද්ගල විශේෂවූ හැඳුනුම් අංකයක් ලබාදී එම අංකය යටතේ පුරවැසියන්ගේ තොරතුරු ගබඩා කිරීමටත් අවම වශයෙන් ප‍්‍රධාන ජීව අවස්ථා වලදී(විවාහ,මරණ)එම තොරතුරු යාවත්කාලීන කිරීමටත් මින් අදහස් කෙරේ. මෙය අනාගතයේදී ශ‍්‍රී ලාංකිකයන්ගේ හා ශ‍්‍රී ලංකාවේ වාසය කරන විදේශිකයන්ගේ තොරතුරු විමසීම හා තහවරු කිරීම සඳහා භාවිතා කළ හැකි ප‍්‍රධාන තොරතුරු ලේඛනය වනු ඇත.ව්‍යාපෘතිය සඳහා රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ අයි.සී.ටී.ඒ ආයතනය විසින් මුලපුරනු ලබයි. අර්න්සට් ඇන්ඩ් යන්ග් ආයතනය ව්‍යාපෘතියේ ප‍්‍රධාන උපදේශන සේවාව සපයන සහ තොරතුරු නිර්මාණය කරන ආයතනයවේ. |
| |
| |
මෙම ව්‍යාපෘතිය යටතේ සියළුම උපත්, විවාහ සහ මරණ තොරතුරු ඇතුලත් කර දත්ත ගබඩාවක් සැකසීමත් ඒ මඟින් ඕනෑම පුද්ගලයකුගේ සියළු විස්තර ඉතා පහසුවෙන් හා නිවැරදිව ලබාගැනීමත් මෙහි අරමුණ වේ.
මේ අනුව මෙම ව්‍යාපෘතියේ මූලික පියවර ලෙස උපත් ලියාපදිංචි කිරීමේදී තොරතුරු නව දත්ත පද්ධතියකට ඇතුලත් කර එමඟින් වඩාත් නිවැරදි තොරතුරු ඇතුලත් උප්පැන්න සහතිකයක් ලබා ගැනීමට ඉදිරි මාස කිහිපය ඇතුලතදී කොළඹ, දෙහිවල සහ සීතාවක යන තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුනකදී ආරම්භ කිරීමට නියමිතය.
ඊට සමගාමීව විවාහ ලියාපදිංචි කිරීමේ කටයුතුද පරිඝණකය ආශ්‍රයෙන් සිදු කිරීමට කටයුතු සම්පාදනය කෙරෙමින් පවතී.
|
|
|
|
|