රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සියළුම මාණ්ඩලික නිලධාරීන් සඳහා වූ වැඩමුළුවක් 2009.11.01 සහ 02 දෙදින පිළිමතලාවේ ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ යුක්ති දාමය සඳහා සම ප්‍රවේශත්ව ව්‍යාපෘතියේ අනුග්‍රහයෙන් පැවැත්විණි.
මෙහිදී ජනතාව වෙත වඩාත් කාර්යක්ෂම හා විශිෂ්ඨ සේවාවක් ලබාදීම පිළිබඳව මෙන්ම ඵලදායීතාවය ඉහළ නැංවීම පිළිබඳවද නිලධාරීන් දැනුවත් කරන ලදී. සියළුම නිලධාරීන් සඳහා ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනත, හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත, විවාහ, උප්පැන්න සහ මරණ ලියාපදිංචි කිරීමේ පනත, ඇටෝර්නි ලියාපදිංචි කිරීමේ පනත ඇතුළු දෙපාර්තමේන්තුවට අදාළ සියළුම පනත් මෙන්ම ඒවාට අදාළ චක්‍රලේඛද බෙදා දෙන ලදී.
උතුරු නැගෙනහිර පළාත් වල දෙමළ මාධ්‍යයෙන් සේවය කරන සියළුම නිලධාරීන්ද මෙම වැඩමුළුව සඳහා සහභාගී විය.
වැඩමුළුව අවසානයේදී දිවයිනේ ඉතා විශිෂ්ඨ සේවා සපයන ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයක් වන මහනුවර ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයද නිරීක්ෂණය කිරීමට අවස්ථාවක් සපයා දෙන ලදී. |