රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2009 නොවැම්බර් 07 දින පේදුරු තුඩුවේදී සහ 08 දින කරවෙඩ්ඩිහිදී සුනාමියෙන් හානි වූ ප්‍රදේශ සහ නැවත පදිංචි කරනු ලැබූ ප්‍රදේශ වල පවතින පරිපාලනමය සහ නීතිමය ගැටළු විසඳා දීම සඳහා ජංගම සේවා වැඩසටහන් අධිකරණ සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් පවත්වන ලදී.
එහිදී විවාහ, උප්පැන්න සහ මරණ ලියාපදිංචි කිරීම මෙන්ම අස්ථාන ගත සහතික සඳහා පිටපත් ලබාදීමද සිදුකෙරිණි. |