රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2009 නොවැම්බර් 14 දින කින්නියාහිදී ජංගම සේවා වැඩසටහන් අධිකරණ සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් පවත්වන ලදී. එහිදී විවාහ, උප්පැන්න සහ මරණ ලියාපදිංචි කිරීම මෙන්ම සහතික සඳහා පිටපත් ලබාදීමද සිදුකෙරිණි.