වර්ෂ 1864 දී පිහිටුවනු ලැබූ මෙම දෙපාර්තමේන්තුව දැනට වසර 160 ක ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියමින් අපගේ දැක්ම තුළින් හුදු මහජනතාවගේ සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කර ලියාපදිංචි කිරීම පෙර දැරි කොට ගෙන ශ්‍රී ලංකාද්වීපය නිශ්චල හා චංචල දේපලවලට අදාළ නීත්‍යානුකූල ලේඛන හා හිමිකම් ලියාපදිංචි කිරීම සහ ජන ජීවිතයේ මූලික ගෘහස්ත සිදුවීම් මත විවාහ, උප්පැන්න සහ මරණ ලියාපදිංවි කිරීමෙන් ද එම ලේඛනවලින් සහතික පිටපත් නිකුත් කිරීමෙන්ද යන අයිතීන් රැකගැනීම තුළින් හුදු ජනයාට සේවය සැපයීම අපගේ මෙහෙවරයි.

1867 වර්ෂයේ සිට හුදු මහජනතාවගේ සිවිල් අයිතීන් වූ විවාහ, උප්පැන්න සහ මරණ ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පැවතුනද 1992 වර්ෂයේදී වඩාත් කඩිනම් සේවයක් සැපයීමට පහසුවෙන් කටයුතු ඉටුකර ගැනීමට පහසුවීමත් සදහා සිවිල් ලියාපදිංචි කිරීමේ කටයුතු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දක්වා විමධ්‍යගත කරන ලදී.

ලේඛන ලියාපදිංචිය හා හිමිකම් ලියාපදිංචිය සදහා දිවයින පුරා පිහිටුවා ඇති ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාල 50 ක් මගින් මහජනතාවට අවශ්‍ය සේවාවන් ඉටුකරනු ලබන අතර 1998 වර්ෂයේ අංක 21 දරණ ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීම ද මෙම දෙපාර්තමේන්තුවට පැවරී ඇති කාර්යයකි.

ලිපිනය

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකාව.

අමතන්න
+94 112 889 488 - 489

ලියන්න
info@rgd.gov.lk