දැක්ම
ලියාපදිංචි කිරීම මගින් මහජනතාවට සිය අයිතිවාසිකම් ආරක්ෂාකර ගැනීමට සහායවීම
මෙහෙවර
අපගේ මෙහෙවර වනුයේ චංචල හා නිශ්චල දේපළවලට අදාළ නෛතික ලේඛන ලියාපදිංචි කිරීම සහ ශ්‍රී ලංකාවේ ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීම සහ ජන ජීවිතයේ වැදගත් අවස්ථා වන විවාහ, උපත් සහ මරණ ලියාපදිංචි කිරීම, එම ලේඛන සංරක්ෂණය කිරීම සහ ඉල්ලීම් මත ඒවායේ සහතික කරන ලද පිටපත් නිකුත් කිරීම සහ එමගින් ජනතාවට සිය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහායවීම.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පිහිටුවනු ලැබූයේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව උප්පැන්න, විවාහ හා මරණ සහ දේපලවලට අදාළ නෛතික ලේඛන ලියාපදිංචි කිරීම සඳහාය.
1864 වසරේදී දෙපාර්තමේන්තුව මුළින්ම ස්ථාපිත කරනු ලැබූයේ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යය සඳහා වන අතර සිවිල් ලියාපදිංචි කිරීමේ කටයුතු එනම් උප්පැන්න, විවාහ හා මරණ ලියාපදිංචි කිරීම දෙපාර්තමේන්තුවට පවරනු ලැබූයේ 1867 වසරේදීය.
ඉඩම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාදාමය දිස්ත්‍රික් මට්ටමින් සිදුකරනු ලබන අතර මෙම කාර්යය සඳහා දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල 45 ක් ස්ථාපිත කර තිබේ.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ.
දෙපාර්තමේන්තුවේ අරමුණු
- ජන ජීවිතයේ වැදගත් අවස්ථා වන විවාහ, උපත් සහ මරණ ලියාපදිංචි කිරීම
- චංචල හා නිශ්චල දේපලවලට අදාළ නෛතික ලේඛන ලියාපදිංචි කිරීම
- එවැනි ලියාපදිංචි කිරීම්වලට අදාළ වාර්තා සංරක්ෂණය
- එම වාර්තාවලින් සහතික කළ පිටපත් නිකුත් කිරීම