උප්පැන්න, මරණ සහ විවාහ සහතික පිටපත් ලබා ගන්නේ කෙසේද?
සිදුවීම සිදුවූ දිස්ත්‍රික්කයේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් සහතික පිටපත් ලබා ගත හැකිය. ඉල්ලුම් පත්‍ර ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබා ගත හැකිය.
විවාහ ලියාපදිංචි කිරීම කරන්නේ කෙසේද?
කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්වරයා හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිටින අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා හමුවන්න
ශ්‍රී ලංකාවෙන් පිටත සිදු වූ උපතක් හෝ මරණයක් ලියාපදිංචි කරන්නේ කෙසේද?
ශ්‍රී ලංකාවෙන් පිටත සිදු වූ උපතක් හෝ මරණයක් ලියාපදිංචි කරවා ගැනීම පිණිස කොළඹ 10 මාලිගාවත්ත පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ මධ්‍යම ලේඛනාගාරය වෙත ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කල හැකිය. උපතක් ලියාපදිංචි කිරීම පිණිස ඒ සමග මව්පියන්ගේ ගමන් බලපත්‍ර, රෝහල් වාර්තා සහ අදාල රටින් නිකුත් කල උප්පැන්න සහතිකය ඉදිරිපත් කල යුතුය. මරණයක් ලියාපදිංචි කිරීම පිණිස මියගිය තැනැත්තා පිළිබඳ තොරතුරු සහ මරණයට හේතුව සනාථ කරන ලියවිලි ඉදිරිපත් කල යුතුය.
දරුකමට හදාවඩා ගන්නා දරුවකුගේ උපත නැවත ලියාපදිංචි කර ගන්නේ කෙසේද?
දරුකමට හදාවඩා ගන්නා දරුවකුගේ උපත නැවත ලියාපදිංචි කරවා ගැනීම පිණිස බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ අංක 234/ ඒ3 දරණ ස්ථානයේ පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කල හැකිය. උපතක් නැවත ලියාපදිංචි කිරීම පිණිස මව්පියන්ගේ උප්පැන්න සහතික, විවාහ සහතිකය, දරුකමට ගැනීම පිලිබඳ සහතිකය සහ දරුවාගේ උපත කලින් ලියාපදිංචි කර ඇත්නම් එම උප්පැන්න සහතිකය ඉදිරිපත් කල යුතුය.
දරුකමට ගැනීම පිලිබඳ සහතිකයේ පිටපතක් ලබා ගන්නේ කෙසේද?
දරුකමට ගැනීම ලියාපදිංචි කරන ලද්දේ 2013.01.01 දිනට පෙරදී නම්, කොළඹ 10 මාලිගාවත්ත පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ මධ්‍යම ලේඛනාගාරය වෙතද, දරුකමට ගැනීම ලියාපදිංචි කරන ලද්දේ 2013.01.01 දිනට පසුව නම්, බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ අංක 234/ ඒ3 දරණ ස්ථානයේ පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙතද ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කල යුතුය.
උප්පැන්න, මරණ හෝ විවාහ සහතිකයක පරිවර්තන පිටපතක් ලබා ගන්නේ කෙසේද?
බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ අංක 234/ ඒ3 දරණ ස්ථානයේ පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත හෝ වෙබ් අඩවියේ සඳහන් භාෂා පරිවර්තකයන් වෙත ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කල යුතුය.
උප්පැන්න, විවාහ සහ මරණ ලේඛනවල තොරතුරු නිවැරදි කිරිම හා සංශෝධනය
සිදුවීම සිදුවූ ස්ථානය අයත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කල යුතුය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා හමුවී වැඩිදුර තොරතුරු ලබා ගන්න.
ඉඩමට අදාල නීත්‍යානූකූල ලියවිලි ලියාපදිංචි කර ගන්නේ කෙසේද?
ඉඩම පිහිටි ස්ථානය අයත් වන ඉඩම් ලියාපදිංචි කිරිමේ කාර්යාලයට අදාල ලියවිලි ඉදිරිපත් කරන්න. කාර්යාලයන් පිහිටා ඇති ස්ථාන වෙබ් අඩවියේ දැක්වේ.
ඉඩමට අදාල හිමිකම ලියාපදිංචි කර ගන්නේ කෙසේද?
ඉඩම පිහිටි ස්ථානය අයත් වන ඉඩම්/ හිමිකම් ලියාපදිංචි කිරිමේ කාර්යාලයට අදාල ලියවිලි ඉදිරිපත් කරන්න. කාර්යාලයන් පිහිටා ඇති ස්ථාන වෙබ් අඩවියේ දැක්වේ.
ඇටෝර්නි බලපත්‍රයක් ලියාපදිංචි කර ගන්නේ කෙසේද?
කලාපය තුල පදිංචි ඇටෝර්නි බලකරුවන්ට අයත් ඇටෝර්නි බලපත්‍ර ලියාපදිංචි කිරීම කලාප කාර්යාලයන්හිදීද, දිවයිනේ ඕනෑම ස්ථානයක පදිංචි අයත් ඇටෝර්නි බලකරුවන්ට අයත් ඇටෝර්නි බලපත්‍ර ලියාපදිංචි කිරීම බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ අංක 234/ ඒ3 දරණ ස්ථානයේ පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කරන්න.
ඇටෝර්නි බලපත්‍රයක සහතික පිටපතක් ලබා ගන්නේ කෙසේද?
ඇටෝර්නි බලපත්‍රය ලියාපදිංචි කරන ලද කාර්යාලය වෙත ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කරන්න.
ශ්‍රී ලංකාවෙන් බැහැරව වාසය කරන තැනැත්තන් ශ්‍රී ලංකාවේදී විවාහය ලියාපදිංචි කරවා ගැනීම සඳහා සම්පූර්ණ කල යුතු අවශ්‍යතා මොනවාද?
- විවාහ දැන්වීම් භාරදීමට පෙර දින 04 ක කාලයක් දිවයින තුල පදිංචිවී සිට යුතුය.
- වයස තහවුරු කිරීම සඳහා විදේශ ගමන් බලපත්‍රය හෝ ජාතික හැඳුනුම්පත හෝ උප්පැන්න සහතික
- සිවිල් තත්ත්වය තහවුරු කිරීමට අවශ්‍ය ලියවිලි ( වැන්දඹු නම් කලත්‍රයාගේ මරණ සහතිකය/ දික්කසාද සහතිකය/ අවිවාහක සහතිකය)
තාවකාලික පදිංචි ප්‍රදේශයේ විවාහ රෙජිස්ට්‍රාර්වරයා වෙත විවාහ දැන්වීම් භාර දිය යුතුය.
විදේශයක පදිංචි අයෙකු විසින් උප්පැන්න, මරණ සහ විවාහ සහතික පිටපතක් ලබා ගන්නේ කෙසේද ?
- වෙබ් අඩවියෙන් ඉල්ලුම් පත්‍ර බාගත කර ගන්න.
- සහතික පිටපත් ලබා ගැනීම සඳහා ගාස්තු ගෙවිය යුතුය. අදාල ගාස්තු ජාත්‍යන්තර මුදල් ඇණවුමක් හෝ චෙක් පතක් මගින් "රෙජිස්ට්‍රාර් ජනරාල් " නමට ගෙවිය හැක. අදාල ගාස්තු ඕනෑම ව්‍යවහාර මුදලකින් ගෙවිය හැක.
- ලේඛනය සෙවීම හා පිටපත් 1 නිකුත් කිරීම සඳහා £3 ක් ද අයකරනු ලැබේ.
- සහතිකය ලියාපදිංචි වී තිබේ නම්, සහතිකය එවන අතර සහතිකය ලියාපදිංචි වී නොමැති නම් ඒ පිළිබඳව දන්වා එවනු ලැබේ.
- අදාල සහතිකයේ පරිවර්තන ලබා ගැනීමට අවශ්‍ය නම්, ඒ සඳහා අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ද මේ සමග එවිය හැකිය.
- පරිවර්තන පිටපත් 1 සඳහා £5 ක් ද අයකරනු ලැබේ.
- සහතික ආපසු එවීම සඳහා තැපැල් ගාස්තු ගෙවිය යුතුය.
ඉල්ලුම් පත එවිය යුතු ලිපිනය,
සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල්
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
මධ්‍යම ලේඛනාගාරය
මාලිගාවත්ත
කොළඹ 10