අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ සෞභාග්‍ය දැක්ම යථාර්තයක් කරමින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ කටයුතු විමධ්‍යගත කර නව කාර්යාල ස්ථාපනය කිරීම.
මේ යටතේ
- මහර - කඩවත ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය
- බස්නාහිර පළාත් මධ්‍යම ලේඛනාගාරය
- හෝමාගම ඉඩම් ලියාපදිංචිකිරීමේ කාර්යාලය නව සේවා පරිශ්‍රයක් වෙත රෑගෙන යාම සහ මාර්ග ගත ක්‍රමයට (Online) පත්ඉරු හා ඔප්පු පිටපත් ලබා දීම
2021.12.07 වන දින වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ සහ රෙජිස්ට්‍රාර් ජනරාල් ඩබ්.එම්.එම්.බී. වීරසේකර මැතිතුමාගේ සහභාගීත්වයෙන් නව හෝමාගම ඉඩම් ලියාපදිංචි කිරිමේ කාර්යාලයේ දී සිදුවිය.