විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම
- පාර්ශවකරුවන් දෙදෙනාම මුස්ලිම්වරුන් නොවන අන් සියළු දෙනාටම, විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීමේ ආඥාපනත යටතේ විවාහ විය හැක.
- විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුතුව ලියා සහතික කර කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්ට භාර දෙන්න.
- දැන්වීම් සහතික කිරීමට බලය ඇති අය
- කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්
- සාමදාන විනිශ්චයකරුවකු
- ප්‍රසිද්ධ නොතාරිස්වරයකු
- දේවගැතිතුමකු
- විවාහ දැන්වීමක් භාර දීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා
- පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම
- විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම
- විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල පදිංචිව සිටිම.
- පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
- දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
- පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු 18 සම්පූර්ණ කර තිබීම
- ඔවුන් විවාහවීමට තහනම් නෑදෑයන් නොවන බව
- ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව
- පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම
- විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම සඳහා දැන්වීම දී දින 14 ක් ගත විය යුතුය. එසේ දින 14 ක් ගතවිමට කළින් විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම සඳහා හැකියාව ඇත.
- කාර්යාලයෙන් පිටතදී විවාහයක් ලියාපදිංචි කරවා ගැනීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකිය.
- විවාහ ලියාපදිංචි කිරීමේදී රෙජිස්ට්‍රාර්ට ගෙවිය යුතූ ගාස්තූ
නො. | කාරණය | ගෙවිය යුත්තේ කාටද | ගෙවනු ලබන්නේ කවුරුන්ද | මුදල (රු.) | මුදල ගෙවන ආකාරය |
1 | රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුලත් කිරීම | රෙජිස්ට්‍රාර් | අයදුම්කරු | 100.00 | මුදලින් ගෙවිය යුතුය |
2 | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුලත් කිරීම | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | අයදුම්කරු | 100.00 | මුදලින් ගෙවිය යුතුය |
3 | විවාහ දැන්වීමක් පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීම | රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 100.00 | මුදලින් ගෙවිය යුතුය |
4 | විවාහ දැන්වීමක් පිළිබඳ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීම | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 100.00 | මුදලින් ගෙවිය යුතුය |
5 | රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී විවාහය සිදු කිරීම | රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 750.00 | මුදලින් ගෙවිය යුතුය |
6 | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී විවාහය සිදු කිරීම | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 750.00 | මුදලින් ගෙවිය යුතුය |
7 | 38(1) හෝ 38(2) වගන්ති යටතේ රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම | රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 750.00 | මුදලින් ගෙවිය යුතුය |
--- | --- | --- | |||
8 | 38(1) හෝ 38(2) වගන්ති යටතේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 750.00 | මුදලින් ගෙවිය යුතුය |
9 | 27(3) වගන්තිය යටතේ විශේෂ බලපත්‍රයක් ලබාගැනීම | රජයට | විවාහ පාර්ශවයන් | 100.00 | මුදලින් ගෙවිය යුතුය |
10 | ලියාපදිංචි පූජනීය ස්ථානයකදී සිදු කරන ලද විවාහයක් ලියාපදිංචි කිරීම | දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 750.00 | මුදලින් ගෙවිය යුතුය |
දේවගැතිවරයෙකු විසින් විවාහ සිදුකිරීම
- ක්‍රිස්තියානි බැතිමතුන්ගේ විවාහ ස්වකීය දේවස්ථාන තුළදී සිදු කරවා ගැනීමට ඉඩ සලසා තිබේ.
- විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුතුව ලියා සහතික කර කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්ට භාර දෙන්න.
- දැන්වීම් සහතික කිරීමට බලය ඇති අය
- කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්
- සාමදාන විනිශ්චයකරුවකු
- ප්‍රසිද්ධ නොතාරිස්වරයකු
- දේවගැතිතුමකු
- විවාහ දැන්වීමක් භාර දීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා,
- පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම
- විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම
- විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල පදිංචිව සිටිම.
- පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
- දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
- පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු 18 සම්පූර්ණ කර තිබීම
- ඔවුන් විවාහවීමට තහනම් නෑදෑයන් නොවන බව
- ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව
- පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම
- රෙජිස්ට්‍රාර් හෝ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගෙන් “ලේකම්තැනගේ සහතික පත්‍රය” ලබා ගන්න.
- එම ලේකම්තැනගේ සහතික පත්‍රය විවාහය ලියාපදිංචි කරවා ගත යුතු දේවස්ථානයේ දේවගැතිවරයා වෙත ඉදිරිපත් කරන්න. ඒ සමඟ අවලංගු නොකළ රු. 25.00 ක මුද්දර ද සපයන්න.
විදේශ ජාතිකයන් සඳහා විවාහ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය
ඉදිරිපත් කළ යුතු ලියවිලි
-
ශ්‍රී ලංකාවට ඇතුලු වීමට අවශ්‍ය වීසා වලංගු විදේශ ගමන් බලපත්‍රය හා එහි ඡායා පිටපතක්
- තම රටේ බලයලත් ආයතනයකින් නිකුත් කරන ලද සිවිල් තත්ත්වය සනාථ කිරීමේ මුල් පිටපත හා දික්කසාද/ වැන්දඹු අය සම්බන්ධයෙන් ඒ බව සනාථ කෙරෙන නෛතික ලියවිලි
- රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් නිකුත් කරන අවසර පත්‍රය
මේ සඳහා අදාල විදේශිය පාර්ශවය විසින් මාස 6 ක් ඇතුලත තම රටේ ආරක්ෂක අංශ බලධාරින් වෙතින් ලබා ගන්නා ලද වරදකට වරදකරුවකු නොවන බවට වන සහතිකයේ මුල් පිටපත තම දේශිය පාර්ශවකරු හෝ දේශිය පාර්ශවකරුගේ නියෝජිතයෙකු මගින් මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සිවිල් ලියාපදිංචි කිරීමේ අංශයට ලැබෙන සේ අතිින් හෝ ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය. එකී සහතිකය මත පදනම්ව රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් විවාහය ලියාපදිංචි කිරීම සඳහා අවසර පත්‍රයක් නිකුත් කරනු ලැබේ.
- විදේශිය ජාතිකයාගේ සෞඛ්‍ය තත්ත්වය තහවුරු කරගැනීම සඳහා වන ස්වයං ප්‍රකාශයක් (Helath Declaration)
- උප්පැන්න සහතිකය (උපන් දිනය සනාථ කරගැනීමට අවශ්‍ය වුවහොත් පමණක්) හා එහි ඡායා පිටපතක්
ඉහත ලේඛන විවාහ දැන්වීම භාරදීමේ දී අදාල අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කළ යුතුය.
මේ සම්බන්ධයෙන් වන අංක 18/2021 හා 2021/10/18 දිනැති චක්‍රලේඛය 2022/01/01 වන දින දිට ක්‍රියාත්මක වේ.
උඩරට විවාහ ලියාපදිංචි කිරීම
- උඩරට නීතියට යටත් පුද්ගලයන් අතරේ සිදු කෙරෙන විවාහයකි.
- උඩරට විවාහ නීතිය බලපාන ප්‍රදේශ
- මධ්‍යම පළාත
- උතුරු මැද පළාත
- ඌව පළාත
- සබරගමු පළාත
- උතුරු පළාතේ වවුනියා දිස්ත්‍රික්කයේ නැගෙනහිර සහ බස්නාහිර චුනියාචෙඩ්කුලම කෝරලේ සහ දකුණු කිලක්කුමලේ කෝරලේ
- නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ බින්තැන්න පත්තුව, වෑගම්පත්තුව සහ පානම පත්තුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කඩුක්කුලම පත්තුව
- වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කය සහ පුත්තලම දිස්ත්‍රික්කයේ දෙමළ හත්පත්තුව
- විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුතුව ලියා සහතික කර කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්ට භාර දෙන්න. දැන්වීම් සහතික කිරීමට කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්හට බලය ඇත.
- විවාහ දැන්වීමක් භාර දීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා
- පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම
- විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම
- විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල පදිංචිව සිටිම.
- පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
- දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
- පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු18 සම්පූර්ණ කර තිබීම
- ඔවුන් විවාහවීමට තහනම් නෑදෑයන් නොවන බව
- ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව
- උඩරට විවාහ ලියාපදිංචි කිරීම සඳහා දැන්වීම දී දින 14 ක් ගත විය යුතුය. එසේ දින 14 ක් ගතවිමට කළින් විවාහය ලියාපදිංචි කිරීම සඳහා හැකියාව ඇත.
- පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම
- කාර්යාලයෙන් පිටතදී විවාහයක් ලියාපදිංචි කරවා ගැනීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකිය.
- උඩරට විවාහ ලියාපදිංචි කිරීම සඳහා රෙජිස්ට්‍රාර්වරුන්ට අයකරගත හැකි ගාස්තූ
නො. | කාරණය | ගෙවිය යුත්තේ කාටද | ගෙවනු ලබන්නේ කවුරුන්ද | මුදල (රු.) | මුදල ගෙවන ආකාරය |
1 | රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුලත් කිරීම | රෙජිස්ට්‍රාර් | අයදුම්කරු | 100.00 | මුදලින් ගෙවිය යුතුය |
2 | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුලත් කිරීම | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | අයදුම්කරු | 100.00 | මුදලින් ගෙවිය යුතුය |
3 | විවාහ දැන්වීමක් පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීම | රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 100.00 | මුදලින් ගෙවිය යුතුය |
4 | විවාහ දැන්වීමක් පිළිබඳ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීම | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 100.00 | මුදලින් ගෙවිය යුතුය |
5 | රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී විවාහය සිදු කිරීම | රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 750.00 | මුදලින් ගෙවිය යුතුය |
6 | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී විවාහය සිදු කිරීම | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 750.00 | මුදලින් ගෙවිය යුතුය |
7 | රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම | රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 750.00 | මුදලින් ගෙවිය යුතුය |
- | - | - | - | ||
8 | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 750.00 | මුදලින් ගෙවිය යුතුය |
9 | 19 වන වගන්තිය යටතේ විවාහ දැන්වීමක් සම්බන්ධයෙන් විශේෂ බලපත්‍රයක් ලබාගැනීම සඳහා කරනු ලබන ඉල්ලීම් | රෙජිස්ට්‍රාර් | අයදුම්කරු | 100.00 | මුදලින් ගෙවිය යුතුය |
10 | 19 වන වගන්තිය යටතේ විවාහ දැන්වීමක් සම්බන්ධයෙන් විශේෂ බලපත්‍රයක් ලබාගැනීම සඳහා කරනු ලබන ඉල්ලීම් | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | අයදුම්කරු | 100.00 | මුදලින් ගෙවිය යුතුය |
සහතිකවල දෝස නිවැරදි කිරීම
සාමාන්‍ය විවාහ සහතික පත්‍රයක වරදක් නිවැරදි කිරිම
- විවාහය ලියාපදිංචි කිරිමේදි සිදුවි ඇති වරදක් නිවැරදි කර ගැනිම සඳහා ඒකී විවාහයේ පාර්ශවකරුවන්ට මෙම ඉල්ලිම අධිකරණයට ඉදිරිපත් කල හැක.
- අවශ්‍ය ලියවිලි,
- විවාහ සහතිකය
- අධිකරණය මගින් ඉල්ලා සිටින ලියවිලි
- නීතිඥයකු මගින් පාර්ශවකරුවන් පදිංචි ස්ථානය අයත් දිසා අධිකරණයට ඉල්ලිම ඉදිරිපත් කළ යුතුය.
උඩරට විවාහ සහතික පත්‍රයක වරදක් නිවැරදි කිරිම
- විවාහය ලියාපදිංචි කිරිමේදි සිදුවි ඇති වරදක් නිවැරදි කර ගැනිම සදහා පර්ශවකරුවන්ට මෙම ඉල්ලීම ඉදිරිපත් කළ හැක.
- ඉල්ලීම විවාහය ලියාපදිංචි කළ ස්ථානය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කළ යුතුය.
- අවශ්‍ය ලියවිලි,
- විවාහ සහතිකය
- සිදුවි ඇති වරද හා නිවැරදි තොරතුරු ඇතුලත් දිව්රුම් ප්‍රකාශයක්
- කරුණු තහවුරු කිරිමට අවශ්‍ය වෙනත් ලියවිලි
පරිවර්තනය කරපු පිටපත් සහ සහතික කරන ලද පිටපත් ලබා ගැනීම
විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
- විවාහ සහතිකයේ පිටපත් ලබාගත යුත්තේ විවාහය සිදුවූ ප්‍රදේශය අයත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි.
- අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබාගත හැක.
- අයකරනු ලබන ගාස්තු,
- විවාහ සහතිකයේ අංකය, ලියාපදිංචි කළ කොට්ඨාශය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට එක පිටපතකට ගාස්තුව රු.120.00
- විවාහ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්, වර්ෂ දෙකකට නොවැඩි කාලයක ලේඛන සෙවීමක් අවශ්‍ය වන අවස්ථාවක එක පිටපතකට ගාස්තුව රු.250.00
- අවශ්‍ය මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවන්න.
- සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාර දෙන්න.
- විවාහ සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක් ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කරන්න.
විවාහ සහතිකවල පරිවර්තන පිටපත් ලබා ගැනීම
- මෙම සේවාව ලබාගත හැකි පරිවර්තකයන් සේවය කරන, දෙපාර්තමේන්තුවේ ශාඛා කාර්යාල පහත දක්වා ඇත.
- ලබාගත හැකි පරිවර්තන,
- සිංහල - ඉංග්‍රීසි
- ඉංග්‍රීසි - සිංහල
- දෙමළ - ඉංග්‍රීසි
- ඉංග්‍රීසි - දෙමළ
- ඉල්ලුම් පත්‍ර භාරගන්නා වේලාව :
- පෙ.ව. 9.00 - ප.ව. 2.30
- අයදුම්පත්‍ර පරිවර්තකයින් සේවය කරන කාර්යාල වලින් ලබාගත හැකිය.
- ඉදිරිපත් කළයුතු ලියවිලි,
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය
- පරිවර්තනය කළයුතු ලේඛනයේ මුල් පිටපත හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබාගත් සහතික පිටපතක්
- තැපෑලෙන් ලබාගන්නේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක්
- පරිවර්තන ගාස්තු
- එක් පරිවර්තන පිටපතක් සඳහා රු.600.00 කි.
- ඕනෑම පරිවර්තන ප්‍රමාණයක් ලබාගත හැක.
- ගතවන කාලය : කාර්යාල දින 14 කි.
සාමාන්‍ය විවාහ නිතිය යටතේ විවාහයක් දික්කසාද කිරීම
අධිකරණ ක්‍රියාමාර්ගයකි. නීතීඥවරයකු හමුවී අවශ්‍ය උපදෙස් ලබාගැනීම සුදුසුයි.
උඩරට විවාහයක් දික්කසාද කිරිම
- අයදුම් පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ,
- අයදුම්කරු උඩරට ප්‍රදේශයක පදිංචිනම් පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් රේජිස්ට්‍රාර් වෙත
- අයදුම්කරු උඩරට ප්‍රදේශයක් නොවන ප්‍රදේශයක පදිංචිවී සිටීනම් වගඋත්තරකරු පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් රේජිස්ට්‍රාර් වෙත හෝ විවාහය සිදු වූ ස්ථානය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් රේජිස්ට්‍රාර් වෙත.
- දික්කසාදය ඉල්ලුම් කිරීම සඳහා අයදුම් පත්‍රය දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාගෙන් ලබාගන්න.
- ඉදිරිපත් කළයුතු ලියවිලි,
- නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය
- උඩරට විවාහ සහතිකය
- පැමිණිල්ල තහවුරු කිරීමට අවශ්‍ය ලියවිලි ඇත්නම්
- දිස්ත්‍රික් රේජිස්ට්‍රාර් විසින් දෙපාර්ශවය විමර්ශන කටයුතු සඳහා කැඳවනු ලබයි.
- ඉල්ලුම් පත්‍රයේ සඳහන් කරුණු තහවුරු වෙනම් දිස්ත්‍රික් රේජිස්ට්‍රාර් විසින් දික්කසාද නියෝගය නිකුත් කරයි. නැතිනම් දික්කසාද කිරීම ප්‍රතික්ශේප කරයි.
- දිස්ත්‍රික් රේජිස්ට්‍රාර් විසින් දෙනු ලබන තීන්දුව පිළිනොගන්නේ නම්, දින 30 ක් ඇතුලතදී අතෘප්තිමත් පාර්ශවය විසින් දිස්ත්‍රික් රේජිස්ට්‍රාර් වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැක.
- දිස්ත්‍රික් රේජිස්ට්‍රාර් විසින් අදාළ අභියාචනය දිස්ත්‍රික් අධිකරණයට ඉදිරිපත් කරනු ලබන අතර අධිකරණ නියෝගය අනුව කටයුතු කරයි.