බිම් සවිය
ඉඩම් උපයෝජනය සඳහා දිගු කාලීන බාධාවක් වී ඇත්තේ ඉඩම් හිමිකාරිත්වය පිළිබඳව පවතින ගැටළු වන අතර ලියාපදිංචි කිරීම් සඳහා අයන්ත්‍රික ප්‍රවේශය හා අදාළ දුෂ්කරතා ද මෙම කාර්යයේදී අවහිරයක්ව පවතී. හිමිකම් ලියාපදිංචිය ශ්‍රි ලංකාවට හඳුන්වා දී ඇත්තේ ඉඩම් උපයෝජනය සහ සංවර්ධනය ඉහළ නැංවීමේ සහ ඉඩම් අයිතිය හෝ මායිම් සම්බන්ධ අනවශ්‍ය ආරවුල් වළක්වාලීමේ අරමුණින් ශක්තිමත් හා පැහැදිළි ඉඩම් හිමිකාරිත්වයක් ඇති කිරීමයි. පරිගණක පාදක ඉඩම් තොරතුරු පද්ධතිය මගින් වඩා යහපත් ඉඩම් කළමනාකරණය සහ රජය සහතික කරනු ලැබූ හිමිකම් සහතික නිකුත් කිරීම සඳහා අවස්ථාව උදා කරයි. ඒ අනුව පහසු, කඩිනම් සහ කාර්යක්ෂම සේවාවක් ලබා දීමට හැකි වේ.