ලේඛන ලියාපදිංචිය

නිශ්චල හා චංචල දේපල ලියාපදිංචිය
කාර්යය
නිශ්චල හා චංචල දේපල වලට අදාල ගණුදෙනු ලියාපදිංචි කිරීමේ කාර්යය රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ඉටු කරනු ලබයි.
ලේඛණ
ලේඛණ ලියාපදිංචි කිරීමේ පනතේ හා නොතාරිස් ආඥා පනතේ විධිවිධාන වලට අනුකූලව ලේඛණය ලියා සහතික කර තිබිය යුතුය.
රාජකාරි වේලාවන්
පෙ.ව. 9.00 සිට ප.ව.3.45 දක්වා, සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දිනයන්හිදී කාර්යාල විවෘත කරනු නොලැබේ.
ලියාපදිංචියට ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය
ලේඛණයේ සඳහන් ඉඩම පිහිටි ප්‍රදේශය අයත් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට ලේඛනය ඉදිරිපත් කල යුතුය. එක් ලියාපදිංචි කිරීමේ දිස්ත්‍රික්කයකට වඩා වැඩි ගණනකට අයත් ඉඩම් පිළිබඳ විස්තර ඇතුලත් ලේඛණ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කල හැකිය. පහත සඳහන් ආකාර වලින් ලියාපදිංචියට ලේඛණ ඉදිරිපත් කල හැකිය.
අ. තැපෑලෙන් එවීමෙන්
ආ. බලයලත් නියෝජිතයකු මාර්ගයෙන්
ඇ. නොතාරිස්වරු/නීතීඥයකු මාර්ගයෙන්
ලේඛණ ලියාපදිංචියට ඉදිරිපත් කිරීමට හිමිකම ඇති පුද්ගලයන්
අ. ලේඛණය ලියා අත්සන් කරන්නෙක්
ආ. එය යටතේ යම්කිසි ප්‍රයෝජනයක් හෝ ලාභයක් ඉල්ලා සිටින්නෙක්
ඇ. එයින් වෙනසක් කරනු ලබන දේපලක් පිළිබඳව සම්බන්ධතාවක් හෝ බැඳීමක් තිබෙන අයෙක්
ඈ. එවැනි අයෙකු වෙනුවෙන් ක්‍රියාකරන නීතීඥ කෙනෙක් හෝ නොතාරිස් කෙනෙක් හෝ නියෝජිතයෙක්
ඉදිරිපත් කල හැකි ලේඛණ
අ. මුල් පිටපත
ආ. ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් ලබාගත් සහතික කරන ලද පිටපතක් හෝ නොතාරිස් විසින් විධිවූ පරිදි සැබෑ බවට සහතික කරන ලද පිටපතක්
අන්තිම කැමති පත්‍රයක් වනවිට, ප්‍රොබේට් බලපත්‍රය හෝ අද්මිනිස්ත්‍රාසි බලය පැවරීම් ලිපිය සමඟ ලියාපදිංචියට ඉදිරිපත් කල යුතුය.

ඔප්පුවක සහතික පිටපතක් ලබා ගැනීම

 ඔප්පුවක සහතික පිටපතක් ලබා ගැනීම

ඔප්පුවක සහතික පිටපතක් නිකුත් කිරීමේ කාර්යය රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ඉටු කරනු ලබයි. ඔප්පුවක සහතික පිටපතක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කල හැකිය.

රාජකාරි වේලාවන්

පෙ.ව. 9.00 සිට ප.ව.3.45 දක්වා, සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දිනයන්හිදී කාර්යාල විවෘත කරනු නොලැබේ.

ඉල්ලීම ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය

ලේඛණය ලියා සහතික කල නොතාරිස්වරයාගේ දෙවන පිටපත් තිබෙන ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට අයදුම්පත ඉදිරිපත් කල යුතුය. පහත සඳහන් ආකාර වලින් අයදුම්පත ඉදිරිපත් කල හැකිය.

            අ. තැපෑලෙන් එවීමෙන්

            ආ. බලයලත් නියෝජිතයකු මාර්ගයෙන්

            ඇ. නොතාරිස්වරු/නීතීඥයකු මාර්ගයෙන්

අයදුම්පත

නියමිත මුද්‍රිත අයදුම්පත ඉදිරිපත් කල යුතුය. අයදුම් පත්‍රයෙහි අංකය ‘ලියාපදිංචි අ32ආ’ වේ. අයදුම්පත වෙබ් අඩවියෙන් බාගත කල හැකිය.

අයදුම්පත ඉදිරිපත් කිරීමට හිමිකම ඇති පුද්ගලයන්

අ. යම්කිසි අයිතිවාසිකම් කියා සිටින්නෙක්

ආ. එවැනි අයෙකු වෙනුවෙන් ක්‍රියාකරන නීතීඥ කෙනෙක් හෝ නොතාරිස් කෙනෙක් හෝ

ඇ. බලයලත් නියෝජිතයකු

අයදුම්පත ඉදිරිපත් කරනු ලබන්නේ නියෝජියකු නම් බලය පැවරූ ලිපියක් ඉදිරිපත් කල යුතුය.

ගාස්තු

ගාස්තු ගෙවීම මුදලින් හෝ රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ ලංකා බැංකුවේ අංක 7041650 දරණ ගිණුමට බැරවනසේ ඕනෑම ලංකා බැංකු ශාඛාවකට ගෙවීම කල හැකිය. බැංකු රිසිට්පත අමුණා එවිය යුතුය.

අ. යම් ඉඩමකට අදාල යම් ඔප්පුවක පිටපත් හෝ උධෘත ලබා ගැනීම සඳහා වූ ඉල්ලුම් පත්‍රයක් සඳහා වූ ගාස්තුව රු. 600.00

ආපසු භාරදීම

ලියාපදිංචියට ඉදිරිපත් කල තැනැත්තාට හෝ ඔහුගේ නියෝජිතයෙකුට

සටහන: අයදුම්පත නිවැරදි ලෙස හා ප්‍රමාණවත් තොරතුරු නොමැතිව ඉදිරිපත් කර ඇත්නම් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

ගතවන කාලය

වැඩ කරන දින 01

වැඩ පියවර

අ. අයදුම්පත හා ගාස්තු භාර ගැනීම

ආ. මුදල් භාරගැනීමේ කුවිතාන්සි නිකුත් කිරීම

ඇ. ලේඛණ ලියාපදිංචි කිරීමේ පනතේ විධිවිධාන වලට අනුකූලව අයදුම්පත ඉදිරිපත් කර ඇත්දැයි පරීක්ෂා කිරීම

ඈ. සකස් කිරීම, අත්සන් කිරීම සහ නිකුත් කිරීම

විමසීම්

අදාල ඉඩම් රෙජිස්ට්‍රාර්ගෙන් හෝ රෙජිස්ට්‍රාර් ජනරාල්ගෙන් විමසීම් කල හැකිය. කරුණාකර විමසීම් විස්තර බලන්න.

 

ඉඩම් ලේඛණයක සහතික පිටපතක් ලබා ගැනීම

ඉඩම් ලේඛණයක සහතික පිටපතක් ලබා ගැනීම

ඉඩම් ලේඛණයක සහතික පිටපතක් නිකුත් කිරීමේ කාර්යය රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ඉටු කරනු ලබයි. ඉඩම් ලේඛණයක සහතික පිටපතක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කල හැකිය.

රාජකාරි වේලාවන්

පෙ.ව. 9.00 සිට ප.ව.3.45 දක්වා, සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දිනයන්හිදී කාර්යාල විවෘත කරනු නොලැබේ.

ඉල්ලීම ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය

ඉඩම් ලේඛණය තිබෙන ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට අයදුම්පත ඉදිරිපත් කල යුතුය. පහත සඳහන් ආකාර වලින් අයදුම්පත ඉදිරිපත් කල හැකිය.

            අ. තැපෑලෙන් එවීමෙන්

            ආ. බලයලත් නියෝජිතයකු මාර්ගයෙන්

            ඇ. නොතාරිස්වරු/නීතීඥයකු මාර්ගයෙන්

අයදුම්පත

නියමිත මුද්‍රිත අයදුම්පත ඉදිරිපත් කල යුතුය. අයදුම් පත්‍රයෙහි අංකය ‘ලියාපදිංචි අ32අ’ වේ. අයදුම්පත වෙබ් අඩවියෙන් බාගත කල හැකිය.

අයදුම්පත ඉදිරිපත් කිරීමට හිමිකම ඇති පුද්ගලයන්

අ. යම්කිසි අයිතිවාසිකම් කියා සිටින්නෙක්

ආ. එවැනි අයෙකු වෙනුවෙන් ක්‍රියාකරන නීතීඥ කෙනෙක් හෝ නොතාරිස් කෙනෙක් හෝ

ඇ. බලයලත් නියෝජිතයකු

අයදුම්පත ඉදිරිපත් කරනු ලබන්නේ නියෝජියකු නම් බලය පැවරූ ලිපියක් ඉදිරිපත් කල යුතුය.

ගාස්තු

ගාස්තු ගෙවීම මුදලින් හෝ රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ ලංකා බැංකුවේ අංක 7041650 දරණ ගිණුමට බැරවනසේ ඕනෑම ලංකා බැංකු ශාඛාවකට ගෙවීම කල හැකිය. බැංකු රිසිට්පත අමුණා එවිය යුතුය.

අ. යම් ඉඩමකට අදාල යම් පත්ඉරුවක් හෝ පත්ඉරුවල පිටපත් හෝ උධෘත ලබා ගැනීම සඳහා වූ ඉල්ලුම් පත්‍රයක් සඳහා වූ ගාස්තුව රු. 120.00

ආපසු භාරදීම

ලියාපදිංචියට ඉදිරිපත් කල තැනැත්තාට හෝ ඔහුගේ නියෝජිතයෙකුට

සටහන: අයදුම්පත නිවැරදි ලෙස හා ප්‍රමාණවත් තොරතුරු නොමැතිව ඉදිරිපත් කර ඇත්නම් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

ගතවන කාලය

වැඩ කරන දින 01

වැඩ පියවර

අ. අයදුම්පත හා ගාස්තු භාර ගැනීම

ආ. මුදල් භාරගැනීමේ කුවිතාන්සි නිකුත් කිරීම

ඇ. ලේඛණ ලියාපදිංචි කිරීමේ පනතේ විධිවිධාන වලට අනුකූලව අයදුම්පත ඉදිරිපත් කර ඇත්දැයි පරීක්ෂා කිරීම

ඈ. සකස් කිරීම, අත්සන් කිරීම සහ නිකුත් කිරීම

විමසීම්

අදාල ඉඩම් රෙජිස්ට්‍රාර්ගෙන් හෝ රෙජිස්ට්‍රාර් ජනරාල්ගෙන් විමසීම් කල හැකිය. කරුණාකර විමසීම් විස්තර බලන්න.

 

ඇටෝර්නි බලපත්‍ර ලියාපදිංචි කිරීම

  • යම් අයදුම්කරුවෙකුට ඔහු වෙනුවෙන් නීතීඥයෙක් හෝ නියෝජිතයෙක් (නීති) ලෙස කටයුතු කිරිමට අධිකාරි බලය පැවරිමට අවශ්‍ය වූ විට ඒ වෙනුවෙන් බලය ලබා ගැනීම සඳහා ඇටෝර්නි බල පත්‍රයක් ලියාපදිංචි කර ගත හැක.
  • 2021.03.22 දින සිට ක්‍රියාත්මක වන පරිදි, 1902 අංක 04 දරන ඇටෝර්නි බලපත්‍ර ආඥා පනත අනුව ලියා සහතික කරන ලද සියලුම දේශිය හා විදේශිය ඇටෝ්ර්නි බලපත්‍ර, ඇටෝර්නි බලකරුගේ පදිංචි ලිපිනය නොසලකා කලාප කාර්යාල වල හෝ දිස්ත්‍රික් සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාවල ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇත.
  • එම ආඥා පනතට අනුව, නොතාරිස්වරයෙකු/සමාදාන විනිශ්චයකරුවෙකු විසින් ලියා සහතික කරනු ලැබූ හෝ සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරිපිට ලියා අත්සන් කරනු ලැබූ ඇටෝර්නි බලපත්‍ර ලියාපදිංචිය සඳහා භාරගනු ලැබේ. මේ සඳහා නොතාරිස්වරයකුගේ උපදෙස් ලබාගැනීමට වඩාත් සුදුසු වේ.
  • ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කළයුතු ලියවිලි,
    • ඇටොර්නි බලපත්‍රය
    • ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු විසින් සත්‍ය පිටපතක් බවට සහතික කරල ලද ඇටොර්නි බලපත්‍රයේ සහතික කළ පිටපතක්
    • සාමදාන විනිශ්චයකාරවරයකු විසින් සහතික කරන ලද දිවුරුම් ප්‍රකාශයක්
  • ගාස්තු
විස්තර මිල (රු.)
ඇටෝර්නි බලපත්‍රයක් ලියාපදිංචි කිරිම 1750.00
ඇටෝර්නි බලපත්‍ර හෝ ලියාපදිංචි කිරීමේ සටහන් පරීක්ෂා කිරීම සඳහා 600.00
ලියාපදිංචි කරන ලද ඇටෝර්නි බලපත්‍රයක සහතික පිටපතක් නිකුත් කිරීම සඳහා 600.00
ලියාපදිංචි කරන ලද ඇටෝර්නි බලපත්‍රයක සහතික කරන ලද උදෘත පිටපතක් නිකුත් කිරීම සඳහා 600.00

 

ලියාපදිංචි කරන ලද ඇටෝර්නි බලපත්‍ර අවලංගු කිරීම

  • ඉල්ලුම්කරු සාමාන්‍ය ලිපියකින් ඇටෝර්නි බලපත්‍රය ලියාපදිංචි කරන ලද කාර්යාලයට ඉල්ලීම ඉදිරිපත් කළ යුතුය.
  • අවශ්‍ය වන අමතර ලියවිලි,
    • ඇටෝනි බලය ලේඛනයේ මුල් පිටපත
    • ඉල්ලුම්කරු සැපයූ දිවුරුම් ප්‍රකාශය
    • රජයේ ගැසට් පත්‍රයේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් පලකළ නිවේදනයේ පිටපතක්
  • ලියාපදිංචි කරන ලද ඇටෝනි බලපත්‍රයක් අවලංගු කිරීම සඳහා ගාස්තුව රු. 1750.00 කි.

 

ලියාපදිංචි කල ලේඛන නිවැරැදි කිරීම

  • ලියාපදිංචි කරන ලද ලේඛන ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේදී දෝෂ සහිතව ලියා ඇත්නම් ඒවා නිවැරදි කිරීම සඳහා අයදුම් කළ හැක.
  • අදාළ පාර්ශව ලේඛන ලියාපදිංචි කර ඇති ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා වෙත තම ඉල්ලීම් අඩංගු ලිපියක් ඉදිරිපත් කළ යුතුය.
  • ඉදිරිපත් කළ යුතු ලේඛන,
    • සදොස්ව වාර්තා කර ඇති පත්ඉරුවල පිටපත්
    • නිවැරැදි කිරීම සිදුකළ යුත්තේ කෙසේදැයි දැක්වෙන දිව්රුම් ප්‍රකාශයක්
    • සදොස්ව වාර්තා කොට ඇති ඔප්පුවේ මුල් පිට‍පත
  • ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය අදාළ නිවැරැදි කිරීම් සිදුකර අයදුම්කරුට දැනුම් දෙනු ඇත.