බිම් සවිය වැඩසටහන

බිම් සවිය වැඩසටහන

 

ඉඩම් පරිහරණ හා සංවර්ධනය වැඩිදියුණු කිරීම හා ඉඩම් අයිතිය හෝ සීමාවන් නිසා අනවශ්‍යය ආරවුල් වළක්වා ගැනීම සඳහා බිම් සවිය වැඩසටහන (හිමිකම් ලියාපදිංචි කිරීම) හඳුන්වා දී ඇත.

මෙම බිම් සවිය වැඩසටහන ඉඩම් අමාත්‍යංශය මගින් පවත්වනු ලබන අතර අනෙකුත් දෙපාර්තමේන්තු 4 සමඟ එක්ව ක්‍රියාත්මක වේ.

 

හිමිකම් ලියාපදිංචි අංශයෙන් ඉටු කෙරෙන කාර්යභාරය

  • හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාල වල රාජකාරි කටයුතු මෙහෙයවීම, ඉදිරි කටයුතු පිළිබඳ සැලසුම් සකස් කිරීම සහ අධීක්ෂණය කිරීම
  • හිමිකම් ලියාපදිංචි කිරීමට අදාල රෙගුලාසි, ප්‍රතිපත්ති සකස් කිරී හා ක්‍රියාත්මක කිරීම
  • බිම් සවිය වැඩසටහන යටතේ නව හිමිකම් ලියාපදිංචි කාර්යාල ආරම්භ කිරීම
  • ප්‍රගතිය එක්රැස් කිරීම, ප්‍රගති වාර්තා සකස් කිරීම හා සමාලෝචන සකස් කිරීම
  • හිමිකම් ලියාපදිංචියට අදාල තොරතුරු ඇතුලත් පරිගණක දත්ත පද්ධතිය පවත්වාගෙන යාම
  • ඉඩම් අමාත්‍යංශයට හිමිකම් ලියාපදිංචියට අදාල තොරතුරු සහ දත්ත ලබා දීම
  • ඉදිරි වර්ෂ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට කටයුතු කිරීම
  • රක්ෂණ අරමුදල සම්බන්ධ අදාල රාජකාරි ඉටු කිරීම
     
    මෙයින් සැලසෙන වාසි
  • රජයේ පූර්ණ වගකීම හිමිවන නිසා හිමිකම සවිමත් වේ.
  • ඉඩමේ පිහිටීම පිළබඳ නිවැරදි තොරතුරු හිමිකම් සහතික පතින් තහවුරු වේ.
  • පිඹුර සම්බන්ධයෙන් මිනින්දෝරු දෙපාර්තමේන්තුව වගකියන බැවින් නැවත පිඹුරු පිටපත් ලබා ගැනීම අවශ්‍ය නොවේ.
  • හිමිකම් සහතික හිමි ඉඩමක් විකිණීමේදී හෝ මිලට ගැනීමේදී නීති උපදෙස් සෙවීම අවශ්‍ය නොවන බැවින් ගනුදෙනු වඩාත් පහසු වේ.
  • හිමිකම් සහතිකයට, ඔප්පුවට වඩා ඉහළ පිළිගැනීමක් හිමිවේ.
  • මෙම ක්‍රමය මඟින් ඉඩම් ආරවුල් , වංචා හා අක්‍රමිකතා අවම කරනු ලැබේ.