උදා වූ 2021 නව වසර වෙනුවෙන් දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලයටත් ලක්වාසී සැමටත් සෙත් ප්‍රාර්ථනා කරමින් 2021.01.01 දින රෙජිස්ට්‍රාර් ජනරාල් කේ.ජී. ධර්මතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රෙජිස්ට්‍රාර් දෙපිර්තමේන්තුවේ බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද අතර මේ සඳහා ආරක්ෂක රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු ආපදා කළමනාකරණ ලේකම් ජෙනරාල්(විශ්‍රාමික) කමල් ගුණරත්න මැතිතුමන්ද සහභාගි වූ අතර පරිත්‍රාණ ධර්ම දේශනය අවසන පසුදින උදෑසන සංඝගත ධක්ෂිනාවද සිදු කෙරුනි.

 

සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් කොළඹ දිස්ත්‍රික් කාර්යාලය සහ එහි මධ්‍යම ලේඛනාගාරය පන්නිපිටිය ප්‍රදේශයේ නව තෙමහල් ගොඩනැගිල්ලේ දී 2021 ජනවාරි මස 04 වන දින රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිතුමා සහ ආරක්ෂක රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මැතිතුමා විසින් විවෘත කරන ලදි.