Uncategorised
ප්‍රතිඥාත ලිපිකරුවන් බඳවා ගැනීමේ නියෝග පිලිබඳ ගැසට් පත්‍රය පහත දැක්වේ.
1951 අංක 17 දරන උපත් හා මරණ ලියාපදිංචි කිරීමේ පනතේ ප්‍රතිපාදන පවතිනුයේ උපතක් හෝ මරණයක් අතින් ලියා ලියාපදිංචි කිරීම් සඳහා වේ. නමුත් උපතක් හෝ මරණයක් අතින් ලිවීමේදී අත් අකුරු දෝෂ , ලිඛිත දෝෂ බොහෝ උප්පැන්න හා මරණ සහතිකවල දක්නට ලැබේ. එසේම විශේෂයෙන් උප්පැන්න සහතිකයක සංශෝධනයක් සිදු කිරිමෙන් පසුව එම සංශෝධනය සහතිකයේ දෘශ්‍යමාන වීම සහතිකය අත දරන්නාට බොහෝවිට පීඩාකාරී අත්දැකීමක් ද වේ. එසේම උපත්, විවාහ හා මරණ ලියාපදිංචි කිරීමේ තොරතුරු දත්ත පද්ධතියක සටහන්ව නොමැති වීම නිසා උපත්, විවාහ හා මරණ තොරතුරු හුවමාරු කර ගැනීමේ කාර්යයන් වලදී වැඩි වශයෙන් කාලය හා ශ්‍රමය යෙදවීමට සිදුවන අතර එම තොරතුරු හරහා නිසි ප්‍රයෝජනයක් ගැනීමට ඇති හැකියාව ඇහිරී ගොස් තිබේ.
මෙම කාරණා මුල් කරගෙන ආරම්භ කරන ලද රාජ්‍ය අංශය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහන යටතේ සිවිල් ලියාපදිංචි කිරීම සම්බන්ධ තොරතුරු හා යාවත්කාලීන තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ තාක්ෂණික මග පෙන්වීම යටතේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ඉ - ජනගහන ලේඛන වැඩසටහන සකස් කිරීමට ආරම්භ කර ඇත.
- උප්පැන්න ,මරණ සහ විවාහ රෙජිස්ට්‍රාර්වරුන්ගේ නාමාවලිය Click Here
පුවත් සහ සිදුවීම්
- ඉ-ඉඩම් මෘදුකාංගය ස්ථාපනය කිරීමට පෙර පේදුරුතුඩුව, මන්නාරම සහ කිලිනොච්චි ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල අධීක්ෂණය කිරීම
- යාපනය ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙත ඉ-ඉඩම් මෘදුකාංගය ස්ථාපනය කිරීම
- ලේඛන ලියාපදිංචි හි නිරත නිලධාරින් සඳහා ව්‍යවස්ථාපිත කරුණු පිළිබඳ පුහුණු වැඩසටහන
- නවක නිලධාරින් සඳහා මෘදුකාංගය මගින් හිමිකම් ලියාපදිංචි කිරීම පුහුණු කිරීම
- වැඩ බලන ඉඩම් රෙජි්ස්ට්රාර්වරුන් සඳහා පුහුණු වැඩසටහන