ධූරාවලිය

කාර්යයන්
- දෙපාර්තමේන්තුවේ සියළුම පරිපාලන කටයුතු
- සේවක සංඛ්‍යාව කළමනාකරණය, පුරප්පාඩු පිරවීම, සේවා ව්‍යවස්ථා සංශෝධනය, බදවාගැනීම, උසස් කිරීම් හා ස්ථාන මාරු පිළිබදව කටයුතු
- විමර්ශන කටයුතු හා කාර්ය මණ්ඩලයේ විනය පාලන කටයුතු
- මු.රෙ. 135 බලය පැවරීමේ සීමාවන් තුළ ගෙවීම් සදහා බලය දීම හා ගෙවීම් අනුමැතිය
- දෙපාර්තමේන්තුවේ සියළුම නිලධාරින්ගේ නිවාඩු සම්බන්ධයෙන් කටයුතු කිරීම හා සංවිධාන ධූරාවලිය පවත්වාගැනීම සහ ධූරාවලිය අදාල කටයුතු සිදු කිරීම
- දෙපාර්තමේන්තුවේ සියළුම නිලධාරින්ගේ පුද්ගලික ලිපිගොනු පවත්වාගෙන යාම සහ යාවත්කාලීන කිරීම
- දෙපාර්තමේන්තුගත සහ ඒකාබද්ධ සේවයේ නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු කමිටු පැවැත්වීම සහ අනෙකුත් සියළුම ස්ථාන මාරු සම්බන්ධව කටයුතු සිදු කිරීම
- දෙපාර්තමේන්තුව සතු වාහන නඩත්තුව හා පාලනය
- දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ සහ මහජනතාවගෙන් ලැබෙන දුක් ගැනවිලි සම්බන්ධ කටයුතු
- සන්නිවේදනය සදහා විධිමත් ක්‍රමවේදයක් අනුව කටයුතු කිරීම සහ දෙපාර්තමේන්තු තැපෑල සම්බන්ධව කටයුතු
- සුළු අළුත්වැඩියා කටයුතු, නඩත්තු කටයුතු සහ කාර්යාලීය උපකරණ අවශ්‍යතා හදුනාගැනීම
- දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරිම
- මානව සම්පත් කළමනාකරණය සහ පුහුණු කටයුතු
- සංවර්ධන සැලැස්ම සකස් කිරීම සහ ඒ අනුව කටයුතු කිරීම
- රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් කැදවනු ලබන රැස්වීම් සම්බන්ධීකරණය
- ප්‍රධාන කාර්යාලයේ හා සියළුම කාර්යාලවල ඵලදායිතා සංවර්ධන කටයුතු අධීක්ෂණය
- දෙපාර්තමේන්තුවේ සියළුම චක්‍රලේඛ නිකුත් කිරීම
- පාර්ලිමේන්තුව, ඔම්බුඩිස්මන් හා නීතිපති දෙපාර්තමේන්තුව හා සම්බන්ධ කටයුතු අධීක්ෂණය
- දෙපාර්තමේන්තුවේ උත්සව සංවිධානය කිිරීම
- වාර්ෂික කාර්යසාධන වාර්තාව සකස් කිරීම
- දෙපාර්තමේන්තුවේ සුබසාධන කටයුතු සිදු කිරීම
- සියළුම නිලධාරින්ගේ කාර්යසාධන වාර්තා සම්බන්ධ කටයුතු හා වැටුප් වර්ධක ගෙවීමේ කටයුතු
- දෙපාර්තමේන්තුව සතු ගොඩනැගිලි /ඉඩම් සහ කුලී පදනම මත හෝ බදු ගිවිසුම් මත පවත්වාගෙන යන සියළුම ගොඩනැගිලි දේපල සම්බන්ධව කටයුතු කිරීම