Accessibility Tools

Information Icon

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සේවාවන් සහ තොරතුරු වඩාත් පහසුවෙන් මහජනතාව වෙත සමීප කරවීමේ අරමුණින් නිර්මාණය කරන ලද www.rgd.gov.lk නව වෙබ් අඩවිය 2026 අප්‍රේල් 07 වන දින නිල වශයෙන් ජනතා අයිතියට පත් කරන ලදී. මෙම නව වෙබ් අඩවිය හරහා දෙපාර්තමේන්තුවට අදාළ සියලුම තොරතුරු සහ සේවාවන් වඩාත් කාර්යක්ෂමව හා විනිවිදභාවයකින් යුතුව ලබා ගැනීමට මහජනතාවට අවස්ථාව සලසා දී ඇත.

මීට සමගාමීව සේවා පිළිබඳ පවතින ගැටලු සඳහා කඩිනම් සහාය ලබාදීමට 1930 ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානය ද විවෘත කරන ලදී. රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ගරු රුවන් සෙනෙරත් මහතා, අමාත්‍යාංශ ලේකම් ආලෝක බණ්ඩාර මහතා, රෙජිස්ට්‍රාර් ජනරාල් එස්. ජලදීපන් මහත්මිය ඇතුළු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

දෙපාර්තමේන්තු සේවාවන් පිළිබඳව මහජනතාවට ඇති ගැටලු සඳහා 1930 ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානය හරහා සහාය ලබාගත හැකි අතර, නව වෙබ් අඩවිය මගින් දෙපාර්තමේන්තුවට අදාළ තොරතුරු සහ සේවාවන් වඩාත් පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.