සිංහල හා දෙමළ 2026 නව වසර (අවුරුදු මාසය) ශ්‍රී ලංකාවේ වැදගත්ම සම්ප්‍රදායික උත්සවයක් වන අතර, සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ සැමරේ. මෙම උත්සවය වසරේ නව ආරම්භයක් සමග සතුට, සහ එකමුතුව නිරූපණය කරයි.
මෙම උත්සවයේදී රෙජිස්ට්‍රාර් ජනරාල් තුමිය ඇතුළු දෙපාර්තමේන්තු නිලධාරින් විසින් සිරිත් විරිත් වලට මුල්තැන ලබාදෙමින් ආශීර්වාද ලබා ගැනීම වැදගත් වේ.
සිංහල හා දෙමළ ජනතාව එකට එක් කරමින්, සංස්කෘතික සහ සමාජ සම්බන්ධතා ශක්තිමත් කරන මෙම උත්සවය, දෙපාර්තමේන්තුවේ සම්ප්‍රදාය හා අගයන් පිළිබඳ වැදගත් සිහිවීමක් ලෙස පවතී.