අතිරේක භාෂාවක් සඳහා බලපත්‍රයක් ඉල්ලුම් කිරීමේ දී, එකී භාෂාව සඳහා අ.පො.ස. (සා.පෙල) විභාගයේ දී සම්මාන සාමාර්ථයක් තිබිය යුතුය.
ඉදිරිපත් කල යුතු ලේඛන,
- නිවැරදිව පැහැදිලි අත් අකුරෙන් සම්පූර්ණ කරන ලද අයදුම්පත
- මුල් බලපත්‍රයේ පිටපතක්
- අදාල භාෂාව සඳහා සම්මාන සාමර්ථයක් සහිත අ.පො.ස. (සා.පෙල) විභාග සහතිකයේ මුල් පිටපත හා ඡායා පිටපත (මෙම පිටපත රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරියෙකු හෝ ඉඩම් රෙජිස්ට්‍රාර් සත්‍ය බවට සහතික කර තිබිය යුතුය.)
- සිංහල භාෂාවට අයදුම් කරනුයේ නම් විභාග දෙපාර්තමේන්තුව මගින්ම ලබාගන්නා ලද කහ පැහැති විභාග සහතිකය හා එහි පිටපතක්
- ජාතික හැදුනුම්පතෙහි ඡායා පිටපතක්
- විභාග සහතිකයේ හා නොතාරිස් බලපත්‍රයේ නම අතර වෙනසක් ඇත්නම් ඒ බවට දිවුරුම් ප්‍රකාශය.
- පළමු සහතිකයේ සඳහන් ලිපිනයට වඩා නව ලිපිනය වෙනස් වන්නේ නම් එය ඇතුලත් කරන ලෙස ඉල්ලීමේ ලිපිය.
- ඉල්ලුම් කරන එක් භාෂාවක් සඳහා ගාස්තු ලෙස රු. 3000 මුදලක් දෙපාර්තමේන්තුවේ සරප් වෙත ගෙවන ලද රිසිට් පත හෝ ලංකා බැංකු ශාඛාවකින් රෙජිස්ට්‍රාර් ජනරාල් නමට 7039827 ගිණුමට බැර කරන ලද කොළ පැහැති රිසිට් පත.