ධූරාවලිය

කාර්යයන්
- උප්පැන්න සහ මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ 12(1) වගන්තිය යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත උප්පැන්න හා මරණ සහතික පිටපත් නිකුත් කිරීම
- සාමාන්‍ය විවාහ ආඥාපනතේ 37(3) වගන්තිය යටතේ, ප්‍රදේශීය ලේකම් කාර්යාල වෙත විවාහ සහතික පිටපත් නිකුත් කිරිම
- මුස්ලිම් විවාහ හා දික්කසාද ආඥාපනතේ 76(2) වගන්තිය යටතේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත මුස්ලිම් විවාහ හා දික්කසාද සහතික පිටපත් නිකුත් කිරීම
- උඩරට විවාහ හා දික්කසාද ආඥාපනතේ 26 වගන්තිය යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත උඩරට විවාහ හා දික්කසාද සහතික පිටපත් නිකුත් කිරීම
- දරු සහතික නිකුත් කිරීම
- අනුමාන වයස් සහතික පිටපත් නිකුත් කිරීම
- විදේශයන්හිදී සිදු වන ශ්‍රි ලාංකිකයන්ගේ උපත් හා මරණ ලියාපදිංචි කිරීම සදහා නියෝග ලබා දීම, ඒවායෙන් සහතික පිටපත් නිකුත් කිරීම
- උප්පැන්න/ විවාහ/ මරණ ලේඛනවලට අදාලව උධෘත පිටපත් නිකුත් කිරීම
- උප්පැන්න, විවාහ හා මරණ සහතිකවල දෙවන පිටපත සංරක්ෂණය කිරීම
- රජයේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, තානාපති කාර්යාල මගින් යොමු කරනු ලබන උප්පැන්න, විවාහ, මරණ සහතික වල සත්‍යාපන කටයුතු
- ලමයින් දරුකමට හදා ගැනීමේ ආඥාපනතේ 10(5)(ඇ) වගන්තිය යටතේ, දරුකමට හදා ගැනීමේ ලේඛනයෙහි සටහන් දෝෂ නිවැරදි කිරීම