ධූරාවලිය

කාර්යයන්
- සිවිල් ලියාපදිංචි, ඉඩම් හා හිමිකම් ලියාපදිංචි සේවාවන්ට අදාළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පද්ධති සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම හා නඩත්තු කිරීම
- දෙපාර්තමේන්තු සහ මහජන සේවා සැපයීම සඳහා භාවිතා වන යෙදුම් පද්ධති, දත්ත ගබඩා සහ ඩිජිටල් වේදිකා පරිපාලනය හා ක්‍රියාත්මක කිරීම
- සියලුම ICT පද්ධති හා ඩිජිටල් ලේඛන සම්බන්ධයෙන් දත්ත ආරක්ෂාව, දත්ත නිවැරදිභාවය, පද්ධති ලබාගත හැකි බව සහ ප්‍රවේශ පාලනය තහවුරු කිරීම
- සේවාදායකයන් (Servers), ජාල පද්ධති, දත්ත ගබඩා හා පරිශීලක පරිගණක ඇතුළු ICT යටිතල පහසුකම් කළමනාකරණය හා නඩත්තු කිරීම
- දෙපාර්තමේන්තු නිලධාරීන්, ප්‍රාදේශීය කාර්යාල හා සේවා මධ්‍යස්ථාන සඳහා දෛනික තාක්ෂණික සහාය හා පරිශීලක සහය සේවා සැපයීම
- අත්‍යවශ්‍ය ICT පද්ධති සඳහා උපස්ථ (Backup), විපත් ප්‍රතිසාධන (Disaster Recovery) සහ ව්‍යාපාර අඛණ්ඩතා (Business Continuity) ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය කිරීම
- රාජ්‍ය ප්‍රතිපාදන මාර්ගෝපදේශ අනුව ICT සම්බන්ධ ප්‍රසම්පාදන, මෘදුකාංග බලපත්‍ර කළමනාකරණය සහ සැපයුම්කරුවන් සමඟ සම්බන්ධතා පවත්වාගෙන යාම
- ICT වත්කම් ලැයිස්තු, පද්ධති ලේඛන සහ කාලීන තාක්ෂණික වාර්තා සකස් කිරීම හා නඩත්තු කිරීම
- ජාතික ඉ-රාජ්‍ය ප්‍රතිපත්ති හා ප්‍රමිතීන්ට අනුව ඩිජිටල් පරිවර්තන, පද්ධති යාවත්කාලීන කිරීම හා ක්‍රියාවලි ස්වයංකරණය සඳහා සහාය දැක්වීම
- LGC, දත්ත මධ්‍යස්ථාන සහ අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ පද්ධති ඒකාබද්ධ කිරීම හා ආයතන අතර දත්ත හුවමාරුව සඳහා සම්බන්ධීකරණය කිරීම