Accessibility Tools

Information Icon

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන 2026 ජගත් පරිසර දින සැමරුම “URGENT CLIMATE ACTION” (දේශගුණික විපර්යාස වළක්වා ගැනීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම) යන කාලීන හා අතිශය වැදගත් ගෝලීය තේමාවට සමගාමීව වාර්ෂිකව ජූනි මස 05 වන දිනට යෙදෙන ලෝක පරිසර දිනය නිමිත්තෙන් ශ්‍රි ලංකාවේ හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම, පරිසර පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සහ ඉහළ යන උෂ්ණත්වය කළමනාකරණය කිරීම යන තේමාව මුල් කර ගනිමින් පරිසර අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ රාජ්‍ය ආයතන සහ මාධ්‍ය ආයතනවල සහයෝගයෙන් මැයි මස 30 සිට ජූනි 05 දක්වා ජාතික පරිසර සතිය ප්‍රකාශයට පත් කර ඇත.

එම සතිය තුළ ආකල්ප ප්‍රවර්ධනය, පවිත්‍රතාවය, වායු දූෂණය පාලනය, ජෛව විවිධත්වය සුරැකීම,ජල සංරක්ෂණය හා වෙරළ පවිත්‍ර කිරීම වැනි ක්ෂේත්‍ර රැසක් ඔස්සේ දිනපතා විවිධ වැඩසටහන් සංවිධානය කර ඇත.

ජාතික පරිසර සතියට සමගාමීව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ද පරිසර පවිත්‍රතාවය සහ ආලක්ප ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන 2026.06.04 දින රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල ශ්‍රවණාගාරයේදී රෙජිස්ට්‍රාර් ජනරාල්තුමියගේ සහ අනෙකුත් නිලධාරීන්ගේ සහභාගීත්වය ඇතුව පැවැත්වුණි. මේ සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි (UNDP) සහයෝගය ලැබුණු අතර සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ආචාර්ය කාලිංග පද්මලාල් මහතා විසිනි.

TopWeb Badge