Accessibility Tools

Information Icon

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තු අභ්‍යන්තර කටයුතු ඒකකයේ මූලිකත්වය ඇතුව 2026.04.21 දින දෙපාර්තමේන්තුවේ පුහුණු අංශය මඟින් “දූෂණ විරෝධී පනත” සම්බන්ධ පුහුණු වැඩසටහනක් ප්‍රධාන කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ විරෝධී නිලධාරී ටී.අයි.එස්. ශ්‍රීලාල් මහතාගේ සම්පත් දායකත්වය යටතේ මෙම වැඩසටහන පෙ.ව. 9.30 සිට පෙ.ව. 11.30 දක්වා සහ ප.ව. 12.30 සිට ප.ව. 2.30 දක්වා අදියර දෙකක් ලෙස ප්‍රධාන කාර්යාලයේ මාණ්ඩලික හා අනෙකුත් නිලධාරීන්ගේ සහභාගීත්වය ඇතුව පැවැත්වුණි.

මෙම වැඩසටහන මඟින් 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත, අල්ලස් හා දූෂණය නිවාරණයෙහි අවශ්‍යතාවය, සුපිළිපන්නභාවය, අල්ලස හා දූෂණයෙන් ඇතිවිය හැකි විපාකයන් පිළිබඳව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කිරීම සිදු කරන ලදී.