Accessibility Tools

Information Icon

ඔබට ඔබේ නිවසේ සිටම උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල සහතික කළ පිටපත් මාර්ගගත සේවාව ඔස්සේ පහසුවෙන් ලබාගත හැක.

අපගේ මාර්ගගත eBMD සේවාව හරහා, ඔබට පහත දෑ වෙත ප්‍රවේශ විය හැක:

📌 ලබාගත හැකි පිටපත්
  • උපත් සහතික වල සහතික කල පිටපත්
  • විවාහ සහතික වල සහතික කල පිටපත්
  • මරණ සහතික වල සහතික කල පිටපත්
📋 ඔබ කළ යුතු ක්‍රියාමාර්ග

  • අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න: https://online.ebmd.rgd.gov.lk
  • අයදුම්පත පුරවන්න - ඔබ ඉල්ලා සිටින උප්පැන්න, විවාහ හෝ මරණ සහතිකයට අදාළ නිවැරදි තොරතුරු ඇතුළත් කරන්න.
  • ගෙවීම සිදු කරන්න - ගෙවීම් සබැඳියක් දින 2ක් ඇතුළත ඔබගේ විද්‍යුත් තැපෑලට සහ දුරකථන අංකයට යවනු ලැබේ. මේ සඳහා ආරක්ෂිත මාර්ගගත ගෙවීම් ක්‍රම භාවිතා කරන්න.
  • ඔබගේ සහතික පිටපත ලබා ගන්න - ඔබට එය ඔබගේ ලිපිනයට තැපෑලෙන් ලබා ගත හැකිය, නැතහොත් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබා ගත හැකිය.
  • මෙම සමස්ත ක්‍රියවලිය සඳහා වැඩ කරන දින 5 ක් ගතවේ.

වැඩිදුර සහාය සඳහා, කරුණාකර පරිශීලක අත්පොත (PDF) බලන්න .

වැඩිදුර තොරතුරු සඳහා, ඔබට අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශය හා සම්බන්ධ විය හැකිය. සම්බන්ධතා ලැයිස්තුව බලන්න (PDF)

💳 ගෙවීම් ක්‍රම
  • බැංකු කාඩ්පත් (වීසා / මාස්ටර් කාඩ්)
📦 ලේඛන බෙදාහදාදීම
  • ලියාපදිංචි තැපැල් මඟින්
  • ඉල්ලුම් කල ප්‍රදේශිය ලේකම් කාර්යාලය වෙත ගොස් ලබා ගත හැක.
📞 උදව් අවශ්‍යද?

තොරතුරු තාක්ෂණ අංශය - රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

අප අමතන්න: 011 2889518
හෝ විද්‍යුත් තැපෑල: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.