ඔබට ඔබේ නිවසේ සිටම උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල සහතික කළ පිටපත් මාර්ගගත සේවාව ඔස්සේ පහසුවෙන් ලබා ගත හැක.
📌 ලබාගත හැකි පිටපත්
- උප්පැන්න සහතිකවල සහතික කළ පිටපත්
- විවාහ සහතිකවල සහතික කළ පිටපත්
- මරණ සහතිකවල සහතික කළ පිටපත්
📦 සහතික පිටපත් ලබාගැනීමේ ක්‍රම
- දත්ත පද්ධතියෙන් ඉල්ලුම් කරන සහතිකය පද්ධතියේ පරිලෝකනය වී ඇත්නම්, දිවයිනේ ඕනෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයක රෙජිස්ට්‍රාර් අංශයෙන් එක්දින සේවාවෙන් හෝ මාර්ගගතව ඉල්ලුම් කිරීමෙන් ලබාගත හැක.
- දත්ත පද්ධතියෙන් ඉල්ලුම් කරන සහතිකය පද්ධතියේ පරිලෝකනය වී නොමැති අවස්ථාවක දී, සහතිකය ලියාපදිංචි කල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබා ගැනීම හෝ මාර්ගගත ක්‍රමය ඔස්සේ එම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන්ම ඉල්ලුම් කිරීම කල යුතුය.
- විදේශගත ශ්‍රි ලාංකිකයන් හට තම උපත්, විවාහ හා මරණ සහතික පිටපත් ලබා ගැනීම, තම රටෙහි පිහිටි ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයට පැමිණිමෙන් ලබා ගත හැක.
📋 අයදුම් කිරීමේ පියවර
- අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න: https://online.ebmd.rgd.gov.lk
- අයදුම්පත පුරවන්න - ඔබ ඉල්ලා සිටින උප්පැන්න, විවාහ හෝ මරණ සහතිකයට අදාළ නිවැරදි තොරතුරු ඇතුළත් කරන්න.
- ගෙවීම සිදු කරන්න - ගෙවීම් සබැඳියක් දින 2ක් ඇතුළත ඔබගේ විද්‍යුත් තැපෑලට සහ දුරකථන අංකයට යවනු ලැබේ. මේ සඳහා ආරක්ෂිත මාර්ගගත ගෙවීම් ක්‍රම භාවිතා කරන්න.
- ඔබගේ සහතික පිටපත ලබා ගන්න - ඔබට එය ඔබගේ ලිපිනයට සීඝ්‍රගාමී තැපෑලෙන් ලබා ගත හැකිය, නැතහොත් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබා ගත හැකිය.
- මෙම සමස්ත ක්‍රියාවලිය සඳහා වැඩ කරන දින 5 ක් පමණ ගතවේ.
වැඩිදුර සහාය සඳහා, කරුණාකර පරිශීලක අත්පොත (PDF) බලන්න..
වැඩිදුර තොරතුරු සඳහා, ඔබට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශය හා සම්බන්ධ විය හැකිය. සම්බන්ධතා ලැයිස්තුව බලන්න (PDF)
💳 ගෙවීමේ ක්‍රමය
- බැංකු කාඩ්පත් (වීසා / මාස්ටර් කාඩ්)
📞 තාක්ෂණික සහාය සඳහා
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය - රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
අප අමතන්න: 011 2889518
ඊමේල්: