Accessibility Tools

Information Icon

අපගේ මාර්ගගත සේවාව හරහා, ඔබට ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල මගින් පහත සඳහන් සහතික පිටපත් සඳහා ඉල්ලුම් කළ හැකිය.

📌 ලබා ගත හැකි පිටපත්
  • ඔප්පු පිටපත්
  • පත්ඉරු (උදෘත) පිටපත්
📋 ඉල්ලුම් කළ යුතු ආකාරය

වැදගත්: ඔබගේ අයදුම්පත ඔබගේ ඉඩම ලියාපදිංචි කර ඇති ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට ඉදිරිපත් කළ යුතුය.

  • වෙබ් අඩවියට පිවිසෙන්න:  https://online.land.rgd.gov.lk .
  • අයදුම්පත පුරවන්න – ඔබ ඉල්ලා සිටින ලේඛනයේ අවශ්‍ය විස්තර නිවැරදිව සපයන්න.
  • ගෙවීම සිදු කරන්න  – ගෙවීම් දිගුව දින 2 ක් ඇතුලත ඔබ සඳහන් කරන දුරකථන අංකයට හා විද්‍යුත් තැපෑලට ‍ලැබේ. ආරක්ෂිත අන්තර්ජාල ගෙවීම් ක්‍රම භාවිතයෙන් ගෙවීම සිදු කල හැක.
  • ලේඛනය ලබා ගන්න  – ඔබට එය සීඝ්‍රගාමී තැපෑලෙන් හෝ ඔබගේ ඉල්ලීම ඉදිරිපත් කළ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට පැමිණ ලබා ගත හැකිය.
  • මෙම සමස්ත ක්‍රියාවලිය සඳහා වැඩ කරන දින 5 ක් පමණ ගතවේ.

ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල පිළිබඳ වැඩි විස්තර සඳහා, කරුණාකර ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල නාමාවලිය වෙත යොමු වන්න.

💳 ගෙවීමේ ක්‍රමය
  • බැංකු කාඩ්පත් (වීසා / මාස්ටර් කාඩ්)
📞 තාක්ෂණික සහාය සඳහා

තොරතුරු තාක්ෂණ අංශය - රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

අප අමතන්න: 011 2889518
හෝ විද්‍යුත් තැපෑල: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.