Accessibility Tools

Information Icon

විවාහ සහතිකයක සහතික පිටපත් ලබා ගැනීම

මාර්ගගත අයදුම්පත්

https://online.ebmd.rgd.gov.lk වෙත පිවිසීමෙන් Online ක්‍රම‌වේදය ඔස්සේ සහතික පිටපත් ඉල්ලුම් කිරීමේ හැකියාව පවතී. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න.


විවාහ සහතිකයේ පිටපත් ලබාගත යුත්තේ විවාහය සිදුවූ ස්ථානයට අයත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි.

අදාල සහතිකය දත්ත පද්ධතියේ ඇත්නම්, ඔබට ආසන්නයේම ඇති ඔිනෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකින් ද එහි සහතික පිටපත් ලබා ගත හැකියි.

  • 1960.01.01 දින සිට 2023.12.31 දක්වා වූ සහතික වල පිටපත් පද්ධතිය මගින් ලබා ගත හැකිිය. (දත්ත පද්ධතියේ ඇත් ද යන්න ඔබට ආසන්නයේම ඇති ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් පරික්ෂා කර තහවුරු කරගත හැකිිය.)

අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයෙන් හෝ මෙම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. document-download

අයකරනු ලබන ගාස්තු,

  • විවාහ සහතිකයේ අංකය, ලියාපදිංචි කළ කොට්ඨාසය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට - එක පිටපතකට ගාස්තුව රු.120.00 කි.
  • විවාහ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්, (වර්ෂ දෙකකට නොවැඩි කාලයක ලේඛන සෙවීමක් අවශ්‍ය වන බැවින්) - එක පිටපතකට ගාස්තුව රු.250.00 කි. අමතර පිටපතකට රු. 120.00 කි. 

අදාල ගාස්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ ලංකා බැංකුවේ (බත්තරමුල්ල ශාඛාවේ) 7039827 දරණ ගිණුම් අංකයට ගෙවීම් කර එහි දී ලබා දෙනු ලබන ලදුපත (Bank Slip) සහ සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කර සහතික පිටපත් ඉල්ලුම් කළ හැකිය. ස්වයංක්‍රීය ටේලර් යන්‍ත්‍ර මගින් කරනු ලබන ගෙවීම් හෝ Online payment භාරගනු නොලැබේ.

විවාහ සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම්, ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක් ඉල්ලුම් පත්‍රය සමග ඉහත දක්වා ඇති පරිදි මුදල් ගෙවු රිසිට් පත ද ඉදිරිපත් කළ යුතුය.

විවාහය ලියාපදිංචි වී තිබේ නම්, අදාල විවාහ සහතිකයේ ඉල්ලුම් කර ඇති පිටපත් සංඛ්‍යාව ගෙවන ලද මුදල අනුව නිකුත් කරනු ලබන අතර විවාහය ලියාපදිංචි වී නොමැති නම්, ඒ පිළිබඳව බී38 ආකෘතිය මගින් දන්වා යවනු ලැබේ.